• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති නාවලපිටිය පස්බාගේ කෝරළේ හයින්ෆෝඩ් වත්ත ඉඩමෙන් ගංවතුර හා නායයෑම් ආපදාවන්ට ලක්වූවන්ට ඉඩම් කොටස් ලබා දීම
- මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අක්කර 566කින් යුත් හයින්ෆෝඩ් වත්ත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇත. සංචාරක හා ඉඩම් ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන, එකී ඉඩමෙන් අක්කර 200ක පමණ ඉඩම් ප්‍රමාණයක් ගංවතුර හා නායයෑම් ආපදාවන්ට ලක්වූවන්ට සහ එවැනි ආපදාවලට ලක් විය හැකි ඉහළ අවදානම් කලාපවල පදිංචි පවුල් සඳහා බෙදා දීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.