• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාර්මික වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා කොරියාවේ මානව සම්පත් සංවර්ධන සේවාව සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අතර ගිවිසුමකට එළඹීම
- ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන නියාගම ජාතික වෘත්තීය පුහුණු ආයතනය වැඩිදියුණු කිරීම සහ එහි ධාරිතාව සංවර්ධනය කිරීම සඳහා කොරියානු වොන් බිලියන 2.15ක ප්‍රදානයක් ලබා දීමට කොරියානු ජනරජයේ රැකියා සහ කම්කරු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොරියාවේ මානව සම්පත් සංවර්ධන සේවාව එකඟතාව පළ කරනු ලැබ ඇත. යෝජිත ව්‍යාපෘතිය 2023 වර්ෂයේ සිට වසර දෙකක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා කොරියානු මානව සම්පත් සේවය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අතර ගිවිසුමකට එළඹීමට යෝජනා වී තිබේ. යෝජිත කෙටුම්පත් ගිවිසුම සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ එකඟතාව ලැබී ඇත. ඒ අනුව, යෝජිත ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.