• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 අංක 29 දරන ගුවන් ප්‍රවාහන පනත සංශෝධනය කිරීම
- දේශීය ගුවන් සේවාවේ ආරක්ෂාවට අදාළව නෛතික රාමුව නවීකරණය කිරීම, මගීන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ දේශීය ගුවන් සේවා සඳහා අදාළ වන වගකීම් සීමා හඳුනාගැනීම සඳහා 2018 අංක 29 දරන ගුවන් ප්‍රවාහන පනත සංශෝධනය කිරීම පිණිස 2022 08 22 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති ගුවන් ප්‍රවාහන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.