• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත
- ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ සම්මුතියට ශ්‍රී ලංකාව විසින් 2016 වර්ෂයේදී අත්සන් තබා ඇත. එකී සම්මුතියේ 4 වන ව්‍යවස්ථාව අනුව ආබාධිතභාවය පදනම් කර ගනිමින් කවර ආකාරයේ හෝ වෙනස්කමකට භාජනය කිරීමකින් තොරව ආබාධ සහිත සියලුම තැනැත්තන්ගේ සියලු මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස සහතික කිරීම සහ ප්‍රවර්ධනය රාජ්‍යයන් විසින් සිදු කළ යුතුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් මූලික කෙටුම්පතක් සකස් කිරීම පිණිස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. ඒ අනුව, 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත පරිච්ඡින්න කරමින් නව පනතක් හඳුන්වා දීම සඳහාත්, ඉහත කමිටුව විසින් ඉදිරිපත් කරන ලද මූලික කෙටුම්පත මත පදනම්ව එකී කාර්යය සඳහා නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහාත් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.