• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ විධිවිධාන යටතේ නියෝග පැනවීම
- 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර මුදල් පනත යටතේ සාදන ලද සහ 1981 01 23 දිනැති රජයේ ගැසට් අංක 125හි පළ කරන ලද සේවා නියුක්තයන්ගේ භාර මුදල් නියෝග සංශෝධනය කරමින් සාදන ලද නියෝග, අංක 2311/39 දරන 2022 12 22 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ති‌බේ. එකී සංශෝධිත නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.