• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ 6 වන කාලාන්තර වාර්තාව සමාලෝචනය කිරීම
- සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ 6 වන කාලාන්තර වාර්තාව සමාලෝචනය 2023 මාර්තු මස 08 සහ 09 යන දෙදින තුළ ජිනීවාහිදී සිදු කිරීමට නියමිතව ඇත. එකී සමාලෝචනය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මේ දක්වා ගනු ලැබ ඇති පියවරයන් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.