• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මූල්‍ය අංශ අර්බුද කළමනාකරණ කමිටුව පිහිටුවීම
- රාජ්‍ය මූල්‍ය, ණය සහ ගෙවුම් ශේෂ ගැටලු හේතුවෙන් මූල්‍ය අංශය වෙත ඇති වන බලපෑම මත මූල්‍ය අර්බුදයක් ඇති වීම වළක්වා ගැනීම සහ එවැනි මූල්‍ය අර්බුදයක් ඇති වුවහොත් එහි පිරිවැය අවම කිරීම ඉතා වැදගත් වේ. ඒ අනුව, දැනට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ තීරණාත්මක අර්බුද කළමනාකරණය සහ කාලෝචිත තීරණ ගැනීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් විෂය භාර අමාත්‍යාංශය අතර මූල්‍ය අංශයේ අර්බුදයකට ඇති සූදානම හා කළමනාකරණය සම්බන්ධයෙන් මෙන්ම, ඔවුන්ගේ භූමිකාවන් සම්බන්ධයෙන් ද සම්බන්ධීකරණය කිරීම පිණිස මූල්‍ය අංශ අර්බුද කළමනාකරණ කමිටුව සහ මූල්‍ය අංශ අර්බුද කළමනාකරණය පිළිබඳ තාක්ෂණික කමිටුව පිහිටුවීමටත්, බැංකු (විශේෂ විධිවිධාන) පනතට ඒ සඳහා අවශ්‍ය වන විධිවිධාන ඇතුළත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.