• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"පොදු රාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම" සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය
- "පොදු රාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම" යනු පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන් විසින් සාමාජික රටවල ආර්ථික හා සමාජීය සංවර්ධනයට අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ හැකියාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් පිහිටුවන ලද අන්තර්ජාතික සංවිධානයක් වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය සංවිධානයේ අධ්‍යාපන අංශය වන "පොදු රාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම" සඳහා සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දීම සිදු කරනු ලබන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය පොදු රාජ්‍ය මණ්ඩලීය අරමුදල සමඟ එළඹ ඇති අවබෝධතා ගිවිසුමේ අධ්‍යාපන අංශය සඳහා වේ. ඒ අනුව, අදාළ දායකත්ව මුදල් ගෙවමින් "පොදු රාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම" සංවිධානයේ සාමාජිකත්වය තවදුරටත් පවත්වාගෙන යාම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.