• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හොරණ අපනයන සැකසුම් කලාපය සඳහා ජල පිරිපහදුවක් ඉදිකිරීම
- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ජලසම්පාදන යෝජනා ක්‍රමයක් හරහා හොරණ අපනයන සැකසුම් කලාපයට සහ වගවත්ත කර්මාන්ත කලාපයට ජලය සපයනු ලබන අතර එහි නිෂ්පාදන ධාරිතාව දිනකට ජලය ඝන මිටර 3,000ක් වේ. කෙසේ වුවද, හොරණ සහ වගවත්ත කලාපවල ආයෝජකයින්ගේ දෛනික ජල අවශ්‍යතාව ඝන මීටර 4,350ක් පමණ වන බැවින් එම ජල අවශ්‍යතාව සපුරාලීමට හැකි වන පරිදි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දිනකට ඝන මීටර 2,000ක ධාරිතාවයකින් යුත් නව ජල පවිත්‍රාගාරයක් ඉදි කිරීම සඳහා සැලසුම් සකස් කර ඇත. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එකඟතාව ලබා දී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රතිපාදන වැය කරමින් එකී නව ජල පිරිපහදුව හොරණ අපනයන සැලසුම් කලාපයේ ඉදි කර ක්‍රියාත්මක කිරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.