• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ මහාද්වීපික තටකයේ සීමාවන් හඳුනාගැනීම
- සාගර නීතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ නාවික සැතපුම් 200ක සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබ්බට පිහිටි මහාද්වීපික තටකයේ පිටත සීමාවන් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකාව 2009 වර්ෂයේදී සිය තාක්ෂණික හා විද්‍යාත්මක දත්ත සහ අනෙකුත් තොරතුරු එක්සත් ජාතීන්ගේ මහාද්වීපික තටකයේ සීමාවන් පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, එම කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ හිමිකම් සලකා බැලීම සඳහා උප කොමිෂන් සභාවක් පත් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාව විසින් හිමිකම් ප්‍රකාශ කරනු ලබන මහාද්වීපික තටකයේ සීමාවන් හඳුනාගැනීම සඳහා මෙම උප කොමිෂන් සභාව සමඟ කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ජාතික සාගර කටයුතු කමිටුව පත් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ මහාද්වීපික තටකය ස්ථාපිත කිරීම සඳහා ආධාරක සාක්ෂි සහිතව එහි පිටත සීමාවන් හඳුනාගැනීමේ අරමුණින් යුතුව එකී ජාතික සාගර කටයුතු කමිටුව ප්‍රතිසංවිධානය කිරීම සඳහා අභිලාෂය ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.