• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය වීමේ සහ ආරක්ෂා කිරීමේ නව පනත හඳුන්වා දීම
- දැනට බලාත්මක අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය වීමේ සහ ආරක්ෂා කිරීමේ පනත වෙනුවට අන්තර්ජාතික වශයෙන් පිළිගත් හොඳම ප්‍රමිතීන් හා පරිචයන් අනුගමනය කිරීමට හැකි වන පරිදි වඩාත් යෝග්‍ය විධිවිධාන ඇතුළත්ව නව පනතක් හඳුන්වා දීම සඳහා 2021 03 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතු‍රුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.