• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වී මිල දී ගැනීම, සහල් නිෂ්පාදනය හා අලෙවි කිරීම සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරීම
- වී ගොවියාට සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් රජය විසින් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 100/- බැගින් මිල දී ගෙන අඩු ආදායම්ලාභීන්ට නොමිලයේ සහල් ලබා දීමේ වැඩටසහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. වී කිලෝවක් සඳහා ගොවියාට ගෙවනු ලබන මුදලට අතිරේකව සහල් නිෂ්පාදනය ක්‍රියාවලිය තුළ සහල් කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කර පාරිභෝගිකයා වෙත ලබා දෙන තෙක් ජලය, විදුලිය, ගබඩා, ප්‍රවාහනය යනාදිය සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදු වන බවත් ඊට අතිරේකව සමාජ ආරක්ෂණ දායක බදු වශයෙක් සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 6.00/7.00ක පමණ මුදලක් වැය කිරීමට සිදු වන බවත් සහල් නිෂ්පාදකයින් විසින් පෙන්වා දී ඇත. එකී පිරිවැය අවම කර ගැනීම සඳහා යම් කිසි සහනයක් ලබා දිය හැකි නම් ගොවීන්ට ඉහළ මිලක් ලබා දීමේ හැකියාව පවතින බව ඔවුන් විසින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. එම කරුණු සැලකිල්ලට ගෙන, වෙළෙඳපොළේ දැනට පවතින උපරිම සහල් මිල ඒ අයුරින්ම පවත්වා ගනිමින්, නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 100/-ට වඩා ඉහළ මිලක් ගොවීන්ට ලබා දීමට හැකි වන පරිදි වී මිල දී ගැනීම, සහල් නිෂ්පාදනය හා අලෙවි කිරීම සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරීම පිණිස 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.