• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ විධිවිධාන යටතේ පනවන ලද නියමය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම හා ගෝලීය වෙළෙදපොළ අගය/පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු අගය යන කරුණු සැලකිල්ලට ගනිමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Code) 677 ක් යටතේ වන තෝරාගත් භාණ්ඩ මත නිශ්චිත ඒකක අනු ප්‍රමාණ මත වන සෙස් බද්ද සංශෝධනය කරනු ලැබ ඇති අතර, ඒ සඳහා 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වන වගන්තිය යටතේ පනවනු ලැබ ඇති නියමය 2022 11 14 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී පනතේ විධිවිධාන පරිදි පනවනු ලබන එවැනි නියමයක් ප්‍රකාශයට පත් කරනු ලැබූ දිනයේ සිට මාස 04ක් ඇතුළත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව, 2022 11 14 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති එකී නියමය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.