• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුවන් යානා සඳහා යොදා ගනු ලබන ජෙට් ඒ-1 ඉන්ධන සැපයීම සඳහා වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම
- ගුවන් යානා සඳහා යොදා ගනු ලබන ජෙට් ඒ-1 ඉන්ධන සැපයීම දැනට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලබයි. වර්තමානයේදී රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ජෙට් ඒ-1 ඉන්ධන නිෂ්පාදනය කරනු ලබන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අඩපණවීමත්, ජෙට් ඒ-1 ඉන්ධන ආනයනය කිරීම ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අභියෝගාත්මක කාර්යයක් බවට පත්වීමත් හේතුවෙන් භාණ්ඩ හා මගී ගුවන්සේවාවන් සඳහා අවශ්‍ය ජෙට් ඒ-1 ඉන්ධන සැපයීම සහතික කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා සඳහා අවශ්‍ය ජෙට් ඒ-1 ඉන්ධන සැපයීම සඳහා වන විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුව ඇත. ඒ අනුව, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ නිපදවනු ලබන ජෙට් ඒ-1 ඉන්ධන ගුවන් යානා සඳහා ලබා දීමට බාධාවක් නොවන පරිදි වෙනත් රටවල ගුවන්සේවා වෙත ජෙට් ඒ-1 ඉන්ධන සපයනු ලබන පාර්ශ්වයන් වෙත උපරිම සැපයීම් සීමාවන් යටතේ මෙරටට ජෙට් ඒ-1 ඉන්ධන සැපයීමට අවස්ථාව ලබා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත. ඒ අනුව, ජෙට් ඒ-1 ඉන්ධන සැපයීමේ හැකියාව ඇති වෙනත් පාර්ශ්වයන්ට ඒ සඳහා වෙළෙඳපොළ අවස්ථාවන් ලබා දීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.