• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
න්‍යෂ්ටික වගකීම පිළිබඳ ප්‍රධාන ජාත්‍යන්තර සම්මුතීන් දෙකක ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවකු වීම
- ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එකී තීරණයට අනුගත වෙමින් න්‍යෂ්ටික ශක්තිය භාවිතයෙන් විදුලි ජනනය කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම පිණිස මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරි කණ්ඩායම් 09ක් පත් කර තිබේ. එකී ක්‍රියාකාරි කණ්ඩායම් විසින් සකස් කරන ලද ස්වයං ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය ලබා දී ඇති නිර්දේශ අනුව න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යාමට ශ්‍රී ලංකාවට හැකියාව පවතී. ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීමට හැකි වන පරිදි න්‍යෂ්ටික හානි සඳහා සිවිල් වගකීම් පිළිබඳ වියානා සම්මුතියේ සහ න්‍යෂ්ටික හානි සඳහා පරිපූරක වන්දි සම්මුතියේ පාර්ශ්වකරුවෙකු වීම වඩා යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එකී සම්මුතීන්හි පාර්ශ්වකරුවෙකු වීම සඳහා ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.