• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඕස්ට්‍රේලියානු 'Sight for All' ප්‍රජා ව්‍යාපෘති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමකට එළඹීම
- ඕස්ට්‍රේලියාවේ 'Sight for All' ප්‍රජා ව්‍යාපෘති ආයතනය විසින් ශ්‍රී ලංකාවේ තෝරාගත් රෝහල්වල අක්ෂි ඒකකවලට වෛද්‍ය සහ ශල්‍ය අක්ෂි උපකරණ පරිත්‍යාග කිරීමට සහ සෞඛ්‍ය කාර්යමණ්ඩල කුසලතා වර්ධනය කිරීම පිණිස ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. ඒ යටතේ බදුල්ල පළාත් මහ රෝහල, රත්නපුර, මඩකලපුව හා කළුබෝවිල යන ශික්ෂණ රෝහල් සහ තංගල්ල මූලික රෝහලේ අක්ෂි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය නවීන පහසුකම් සලසා ගැනීමටත්, ප්‍රාදේශීය අක්ෂි ඒකකවල අක්ෂි සෞඛ්‍ය සේවකයින්ගේ කුසලතා වර්ධනය කිරීමට සහ උපකරණ වැඩි දියුණු කිරීමටත් අපේක්ෂා කරනු ලබයි. මෙම ව්‍යාපෘති යටතේ රුපියල් මිලියන 99.42ක ප්‍රදානයක් ලැබෙනු ඇත. ඒ අනුව, යෝජිත ප්‍රදානය ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු 'Sight for All' ප්‍රජා ව්‍යාපෘති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර එකඟතා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.