• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
- ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පවතින අසමතුලිතතාවන් අවම කරමින් කාන්තාවන් සවිබලගැන්වීම උදෙසා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස 2022 09 05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ සියලුම පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ප්‍රධාන තේමා ක්ෂේත්‍ර 08ක් යටතේ “ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය” සකස් කරනු ලැබ තිබේ. එකී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.