• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම
- එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මඟින් 2000 වර්ෂයේදී කාන්තාව, සාමය හා ආරක්ෂාව නමින් යෝජනා සම්මතයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර, ලෝකයේ සංවර්ධිත හා සංවර්ධනය නොවූ රටවල් රැසක් මෙම සම්මතය ක්‍රියාවට නැංවීම පිණිස ජාතික ක්‍රියාකාරී සැලසුම් හඳුන්වා දී ඇත. ඒ අනුව, සියලු පාර්ශ්වල දායකත්වය සහ එකඟතාවයෙන් යුතුව කෙටුම්පත් කරනු ලැබ ඇති “කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම - 2023-2027” ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.