• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර නගර සංවර්ධනය සඳහා සංවර්ධන සැලැස්මක් සකස් කිරීම
- මහනුවර නගරයේ පවතින තදබදය අවම කරමින් විධිමත් සැලැස්මක් යටතේ එම නගරය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස යොමු කරන ලදී. ඒ අනුව, මහනුවර සිට කුණ්ඩාසාලේ දක්වා මහනුවර නගරය සංවර්ධනය කිරීම පිණිස යෝග්‍ය සැලසුම් සහ නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස මහනුවර දිස්ත්‍රික්කයේ අමාත්‍යවරුන් සහ අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විතව කමිටුවක් පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.