• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ආරක්ෂක මණ්ඩලය පිහිටුවීමේ පනත් කෙටුම්පත
- 1999 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක මණ්ඩලය ජාතික ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දීම මෙන්ම ඒ හා සම්බන්ධ දේශීය, විදේශීය, ආර්ථික සහ හමුදා ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීමේ මූලික විධායක ආයතනය වශයෙන් කටයුතු කිරීම ද සිදු කරනු ලබයි. 2023 01 12 දින ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් ජාතික ආරක්ෂක මණ්ඩලය ව්‍යවස්ථාපිත පදනමක් මත සහ පැහැදිලි සංයුතියකින් යුතුව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මඟින් නීතිගත කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.