• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සේවා සැපයීමේදී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීම පිණිස පනවනු ලබන නියෝගය
- පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සේවා සැපයීමේදී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීම පිණිස මීට පෙර පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, විධිවිධාන සැලැස්වීම පිණිස 2017 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ නියෝග අංක 1 සංශෝධනය කරමින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ඉන් අනතුරුව එකී නියෝග රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.