• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1971 අංක 52 දරන වෙළෙඳ නැව් පනත සහ 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර දීමේ පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද නියෝග
- වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පවතින වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය විසින් 1971 අංක 52 දරන වෙළෙඳ නැව් පනතේ විධිවිධාන පරිදි ගැසට් නිවේදන 13ක් මඟින් පනවනු ලැබ ඇති නියෝග සහ 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර දීමේ පනතේ විධිවිධාන පරිදි පනවනු ලැබ ඇති නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.