• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිභාර ප්‍රකාශයට පත් කළ නියෝග පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා අනුමැතිය (රේගු ආඥා පනත)
- රේගු ආඥාපනතේ 10(අ) වගන්තිය යටතේ වන විධිවිධාන පරිදි තෝරාගත් භාණ්ඩ කිහිපයක් සඳහා රේගු ආනයන බද්ද මත ප්‍රතිශතයක් වශයෙන් අධිභාරයක් පනවමින් නිකුත් කරන ලද නියෝග දෙකක් 2022 11 30 සහ 2023 01 04 යන දිනවල රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇත. එකී නියෝග පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.