• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුන් වෙත ලබා දෙන පොලී රහිත ණය යෝජනා ක්‍රමයට අදාළ අවබෝධතා ගිවිසුමේ කොන්දේසි සංශෝධනය කිරීම
- මෙම කරුණ පිළිබඳ 2022 08 22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම පිණිස සිසුන් වෙත ලබා දෙන පොලී රහිත ණය යෝජනා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලංකා බැංකුව, මහා භාණ්ඩාගාරය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර සාකච්ඡා පවත්වනු ලැබ ඇත. ඒ අනුව, පැවති සාකච්ඡාවලදී අදාළ පාර්ශ්වයන් එකඟ වී ඇති අයුරින් අදාළ පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පාඨමාලා ගාස්තුව වසර අටක (08) කාලයක් තුළදී වාරික වශයෙන් ආපසු ගෙවීමටත්, පාඨමාලාව අවසන් කිරීමෙන් අනතුරුව එළඹෙන වසරේ පවතින බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතයට 1%ක් එකතු කළ (AWPLR+1%) මාසික පොළී අනුපාතය යටතේ නියමිත පොළිය ගෙවීමටත් හැකි වන පරිදි අදාළ පාර්ශ්වයන් අතර දැනට එළඹ ඇති අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.