• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතින්හි 2022 වර්ෂයේ සිව්වන කාර්තුව අවසන් වන විට ප්‍රගතිය
- මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 261 කට අදාළව 2022 වර්ෂයේ සිව්වන කාර්තුව අවසන් වන විට ප්‍රගතිය පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී. ඇතැම් ව්‍යාපෘතිවලට අදාළ විදේශ අරමුදල් අත්හිටුවීමත්, රට තුළ පවතින ආර්ථික තත්ත්වය මත අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට අපහසු වීමත් හේතුවෙන් ව්‍යාපෘති බහුතරයක ප්‍රගතිය ඉතාමත් පහළ මට්ටමක පවතී. සියලු ක්‍රියාකාරකම් අවසන් කරන ලද ඇතැම් ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම්, අධිකාරි බලය සහ තාක්ෂණික සේවා එම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලද අමාත්‍යාංශය, පරමාර්ථ හා විෂය පථය සමඟ හෝ අදාළ වන වෙනත් ආයතන වෙත කාර්යභාරයට ඇතුළත් කර නොමැති වීම හේතුවෙන් එවැනි ව්‍යාපෘතිවල තිරසර පැවැත්ම පිළිබඳව අවදානමක් පවතින බවද හඳුනාගනු ලැබ ඇත. එම කරුණු සැලකිල්ලට ගෙන, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා ඒවායේ ප්‍රතිඵල ඉදිරියට පවත්වාගෙන යාම අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන රේඛීය අමාත්‍යාංශවල වගකීමක් ලෙස පැවරෙන අයුරින් සංවර්ධන ආයෝජනයන්හි ප්‍රධාන කාර්යසාධක දර්ශක ඇතුළත් කරමින් එක් එක් රේඛීය අමාත්‍යාංශ සඳහා ආයතනික ප්‍රතිඵල රාමුවක් සහ අන්තර් ආයතනික ආයෝජන ප්‍රතිඵල රාමුවක් දැනටත් ස්ථාපිත කර ඇති ජාතික මෙහෙයුම් මැදිරිය මඟින් සකස් කර ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.