• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අත්‍යවශ්‍ය සේවා සහ ප්‍රවාහන පහසුකම් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය සේවා සැපයීම් පද්ධතිය වැඩිදියුණු කිරීම පිණිස ජපාන, ආර්ථික සහ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ලබා දෙනු ලබන ප්‍රදානය
- ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන, ජපාන, ආර්ථික සහ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම පිණිස ඉන්ධන (ප්‍රධාන වශයෙන් ඩීසල්) සැපයීම සඳහා ජපන් යෙන් බිලියන 05ක ප්‍රදානයක් (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 38ක්) ලබා දීමට ජපාන රජය විසින් එකඟතාව පළ කර ඇත. එකී ප්‍රදානය ලබා ගැනීම පිණිස අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.