• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව සු‍රාබදු පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම
- මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය කිරීම, අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා 1912 වර්ෂයේදී හඳුන්වා දෙන ලද සුරාබදු ආඥාපනත කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ යෝග්‍යතාව හඳුනාගෙන ඇති අතර, සුරාබදු ආඥාපනත සහ දුම්කොළ බදු පනත වෙනුවට නව සුරාබදු පනතක් හඳුන්වා දීම සඳහා වන යෝජනාවක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් 2022 අතුරු අයවැය මඟින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, එකී කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.