• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 අංක 1 දරන ශ්‍රී ලංකා ජලාශ්‍රිත ගගන යාත්‍රාංගන නියෝග
- සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට ඉවහල් වන ආකර්ශනීය ව්‍යාපාරයක් වශයෙන් 2000 වර්ෂයේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව තුළ ඉපිලියානා ආශ්‍රිත මෙහෙයුම් (Float Plane Operations) ආරම්භ කරනු ලැබ ඇත. දැනට එකී ජලාශ්‍රිත ගගන යාත්‍රාංගන මෙහෙයුම්වල එක් පෞද්ගලික සමාගමක් පමණක් නිරත වන අතර ඉදිරියේදී එම ක්ෂේත්‍රයේ කටයුතු සඳහා තවත් ආයතන ඉදිරිපත් විය හැකි බව පෙනී ගොස් ඇත. එබැවින්, ජලාශ්‍රිත ගගන යාත්‍රාංගන මෙහෙයුම්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා එම කටයුතු නියාමනය කිරීමේ අවශ්‍යතාව පැන නැඟී තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතියේ බැඳීම්වලට අනුගත වෙමින්, 2010 අංක 14 දරන සිවිල් ගුවන්සේවා පනතේ විධිවිධාන පරිදි 2022 අංක 1 දරන ශ්‍රී ලංකා ජලාශ්‍රිත ගගන යාත්‍රාංගන නියෝග, 2022 08 09 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.