• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජෝර්දානයේ හැෂෙමයිට් රාජධානියේ රජයේ විදේශ කටයුතු සහ විදේශිකයන් පිළිබඳ අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජෝර්දානයේ හැෂෙමයිට් රාජධානියේ රජයේ විදේශ කටයුතු සහ විදේශිකයන් පිළිබඳ අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. දෙරට අතර දේශපාලන, ආර්ථික, කොන්සියුලර්, තාක්ෂණික හා විද්‍යාත්මක සහ සංස්කෘතික සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම, ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම එමඟින් අපේක්ෂා කෙරේ. යෝජිත කෙටුම්පත් ගිවිසුම සඳහා නීතිපතිතුමාගේ එකඟතාව ලැබී ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.