• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බංග්ලාදේශ - ශ්‍රී ලංකා ඒකාබද්ධ උපදේශක කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම
- දෙරට අතර දේශපාලන, ආර්ථික, තාක්ෂණික හා විද්‍යාත්මක, කොන්සියුලර් සහ සංස්කෘතික සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ, ශක්තිමත් කිරීමේ සහ පුළුල් කිරීමේ අරමුණින් බංග්ලාදේශ - ශ්‍රී ලංකා ඒකාබද්ධ උපදේශක කොමිෂන් සභාව ස්ථාපිත කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ සියලුම ක්ෂේත්‍රයන් දෙරට විදේශ අමාත්‍යවරුන්ගේ මට්ටමින් සමාලෝචනය කිරීම, ඇගයීම සහ සහයෝගීතාවයේ නව ක්ෂේත්‍ර ගවේෂණය කිරීම සඳහා වන යාන්ත්‍රණයක් වශයෙන් යෝජිත උපදේශක කොමිෂන් සභාව කටයුතු කරනු ඇත. යෝජිත කෙටුම්පත් අවබෝධතා ගිවිසුමට නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.