• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්‍රමානුකූල සමාලෝචනයක් මඟින් රාජ්‍ය වියදම් තාර්කීකරණය කිරීම
- රාජ්‍ය වියදම් තාර්කීකරණය කිරීම අරමුණු කර ගනිමින් ශුන්‍ය පාදක අයවැය ක්‍රමවේදය (Zero Based Budgeting) හඳුන්වා දීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් 2023 අයවැය මඟින් යෝජනා කරන ලදී. ශුන්‍ය පාදක අයවැය ක්‍රමවේදය යටතේ ක්‍රමානුකූල සමාලෝචනයක් මඟින් වියදම් වැඩසටහන්වල ද්විගණනයන්, අපතේ හැරීම්, අඩු ප්‍රමුඛතාවෙන් යුත් ක්‍රියාකාරකම් සහ දැනට පවතින ප්‍රතිපාදන වෙන් කිරීම් උපයෝජනය කිරීමේ කාර්යක්ෂම හා ඵලදායී ක්‍රමවේද හඳුනාගනු ඇත. ඒ අනුව, වාර්ෂික අයවැය ඇස්තමේන්තු මඟින් ඉහළ ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරනු ලබන පහත සඳහන් අමාත්‍යාංශ පිළිබඳව ක්‍රමානුකූල සමාලෝචනයක් සිදු කිරීම පිණිස නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකුගේ හෝ භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ හෝ ප්‍රධානත්වයෙන් යුතුව නිලධාරි කමිටු 10ක් පත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

* රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

* අධ්‍යාපන අමාත්‍යාංශය

* සෞඛ්‍ය අමාත්‍යාංශය

* කෘෂිකර්ම අමාත්‍යාංශය

* වැවිලි කර්මාන්ත අමාත්‍යා‍ංශය

* ආරක්ෂක අමාත්‍යාංශය

* මහජන ආරක්ෂක අමාත්‍යාංශය

* වාරිමාර්ග අමාත්‍යාංශය

* නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය