• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතිදුෂ්කර මූල්‍ය තත්ත්වය තුළ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යාම
- පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3%ක් තරම් පහත අගයකට පැමිණ තිබේ. එම තත්ත්වය යහපත් වන තෙක් මහජන සේවාවන් පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතු පුනරාවර්තන වියදම් සඳහා පමණක් අක්මුදල් නිදහස් කිරීම පිණිස අවශ්‍ය පියවර ගන්නා ලෙස භාණ්ඩාගාර ලේකම් වෙත උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.