• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෙදුම් නඩු පනත සඳහා සංශෝධන හඳුන්වා දීම
- වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන විධිවිධාන ඇතුළත් කරමින් බෙදුම් නඩු පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2021 10 05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.