• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම
- 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී බලයලත් නිලධාරින්ට සිදු වන බාධා කිරීම් සඳහා වන දඬුවම් ඉහළ නැංවීමට සහ නීති විරෝධී ක්‍රියාවන් නියාමනය කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් කරමින් එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2020 12 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.