• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුබසාධක ප්‍රතිලාභ ගෙවී‌මේ ක්‍රියාවලිය සඳහා 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත සහ 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 27 වගන්තියේ විධිවිධාන අනුව 2022 අංක 1 දරන සුබසාධක ප්‍රතිලාභ ගෙවී‌මේ (ගෙවීම ලැබීම පිණිස සුදුසු තැනැත්තන් තෝරා ගැනීම) නියෝග 2022 10 20 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එසේම, 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ කාර්යය හා කර්ත්‍යවයන් නිවැරදිව හා කාර්යක්ෂමව ඉටු කිරීම පිණිස ඉලෙක්ට්‍රොනික වාර්තා සහ ලේඛන සැකසීමට හා ඒ ආශ්‍රිතව තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාමට හැකි වන පරිදි 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ 2022 අංක 2 දරන ඒකාබද්ධ සුබසාධක කළමනාකරණ පද්ධති නියෝග 2022 11 29 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.