• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මාලදිවයින් ජනරජය අතර සංස්කෘතික සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මාලදිවයින් ජනරජය අතර සංස්කෘතික සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස යෝජනා වී ඇත. ඒ සඳහා සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් ගිවිසුමට නීතිපතිතුමාගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබේ. එකී ගිවිසුමට අත්සන් තැබීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.