• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ තුර්කි ගුවන්විදුලි රූපවාහිනී සංස්ථාව අතර ඒකාබද්ධ සහයෝගිතා ගිවිසුමකට එළඹීම
- 2021 වර්ෂයේ පැවති ශ්‍රී ලංකා තුර්කි ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ඒකාබද්ධ කමිටුවේ දෙවන සැසි වාරයේදී දෙපාර්ශ්වය අතර වෙළෙඳ, ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ තුර්කි ගුවන් විදුලි රූපවාහිනි සංස්ථාව අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ. ඒ අනුව සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් සහයෝගිතා ගිවිසුමට නීතිපතිතුමාගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී ඇත. එකී සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.