• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා වන සංශෝධන
- 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත යටතේ වාර්ෂික බදු අය කළ හැකි පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවන බදු අය කළ හැකි පුද්ගලයන් මත 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් පනවනු ලැබ ඇති අතර එකී බද්දෙන් නිදහස් කිරීම් පනතේ පළමු උපලේඛනය යටතේ දක්වා තිබේ. 2023 වර්ෂය සඳහා වන අයවැය යෝජනා මඟින් 1989 අංක 13 දරන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත යටතේ නිෂ්පාදන බද්දට යටත් වන මෝටර් රථ සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ භාවිත සඳහා ගැනෙන උපකරණ සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කරනු ලැබ තිබේ. එසේම, එකී පනතට සිදු කළ යුතු තවත් සංශෝධන කිහිපයක් මේ වන විට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එකී පනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.