• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සම්මාන (2023) - ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය දේශබන්ධු කරු ජයසූරිය මැතිතුමාට පිරිනැමීම
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන ජාතික සම්මානයක් පිරිනැමීම 1986 වර්ෂයේ සිටම පැවත ගෙන එනු ලබන සම්ප්‍රදායකි. ඒ අනුව, "ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය" මෙරටදී පිරිනැමෙන උච්චතම සම්මානයයි. දේශබන්ධු කරු ජයසූරිය මැතිතුමා විසින් සිදු කරන ලද සේවය ඇගයීම පිණිස එතුමා වෙත "ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය" 2023 පෙබරවාරි මස 03 දින පිරිනැමීම පිණිස ගරු ජනාධිපතිතුමා විසින් ගනු ලැබ ඇති පියවරයන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.