• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නඩු භාණ්ඩ කළමනාකරණය සහ බැහැර කිරීම සඳහා පාර්ලිමේන්තු පනතක් මඟින් විධිවිධාන හඳුන්වා දීම
- නඩු භාණ්ඩ කළමනාකරණය කිරීම සහ බැහැර කිරීම සම්බන්ධව පවතින නෛතික විධිවිධාන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කඩිනමින් බැහැර කළ යුතු ඇතැම් ද්‍රව්‍ය රඳවා තබා ගැනීමට සිදුවීම නිසා ආර්ථිකමය වශයෙන් හානියක් වන අතරම එවැනි ඇතැම් ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්වීම නිසා ගැටලු පැන නැගී ඇත. එබැවින්, නඩු විභාගය අවසාන වීමට පෙර අධිකරණය භාරයේ පවතින නඩු භාණ්ඩ බැහැර කිරීමට අදාළ නෛතික විධිවිධාන හා අදාළ පටිපාටි ඇතුළත් නව ප්‍රතිපත්තියක් හා නීති රාමුවක් නිර්දේශ කිරීම පිණිස කමිටුවක් පත් කරනු ලැබ ඇත. එකී කමිටුවේ නිර්දේශ මත පදනම්ව නඩු භාණ්ඩ කළමනාකරණය කිරීම සහ බැහැර කිරීම් සඳහා නව පනතක් බලාත්මක කිරීමටත්, ඒ සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.