• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද පහත සඳහන් රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* 2023-01-01 දිනැති අංක 2312/77 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද 2023 අංක 01 දරන විශේෂ ආනයන බලපත්‍ර රෙගුලාසි.

* 2023-01-01 දිනැති අංක 2312/78 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද 2023 අංක 02 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි.