• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම්වලදී හා විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථාවන්හිදී අඛණ්ඩ විදුලිය සැපයීම සහතික කිරීම පිණිස විදුලිය ගබඩා කර තබා ගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම
- කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තබා ඇති ප්‍රදාන ආධාර පිළිබඳ රාමුගත සම්මුතිය යටතේ හම්බන්තොට ජාල උපපොළ ආශ්‍රිතව මෙගාවොට් 05ක ධාරිතාවයකින් යුත් මෙගාවොට් පැය 8ක් වන බලශක්ති ගබඩා කිරීම් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා කොරියානු වොන් බිලියන 14.3ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 11.9ක් පමණ) ලබා දීමට කොරියානු රජයේ එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ව්‍යාපෘතිය ආරම්භ කොට ක්‍රියාත්මක කිරීම සඳහා වන සාකච්ඡා සටහනට අදාළ පාර්ශ්වයන් අතර අත්සන් තැබීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.