• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාර්මික තාක්ෂණ ආයතනය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලය අතර පර්යේෂණ සේවා සැපයීම සඳහා ගිවිසුමකට එළඹීම
- ඇමෙරිකා එක්සත් ජනපද‍යේ වොෂින්ටන් හි පිහිටි අන්තර්ජාතික ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලය එක්ව, බෙනින්, පිලිපීනය, ටැන්සානියාව සහ ශ්‍රී ලංකාව සමඟ සහයෝගිතා‍වයෙන් තිරසර පෝෂ්‍යදායී ආහාර රටාවක් සඳහා පළතුරු හා එළවළු භාවිතය පිළිබඳව පර්යේෂණ පැවැත්වීම පිණිස අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ මධ්‍යස්ථාන සම්මුති පද්ධති සංවිධානය සමඟ ගිවිසුමකට එළඹ ඇත. එකී පර්යේෂණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ පසු අස්වනු කළමනාකරණය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් තෝරාගත් පර්යේෂණ සේවා කිහිපයක් පැවැත්වීම පිණිස සිඩ්නි විශ්වවිද්‍යාලය විසින් කාර්මික තාක්ෂණ ආයතනය තෝරාගනු ලැබ ඇත. ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 11,250ක අරමුදල් සලසා ගැනීම සඳහා කාර්මික තාක්ෂණ ආයතනය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලය අතර අතුරු කොන්ත්‍රාත් ගිවිසුමකට අත්සන් තැබීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.