• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පැල්මඩුල්ල දිසා/මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සඳහා ඉඩමක් පවරා ගැනීම
- පැල්මඩුල්ල අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයක් මෙන්ම දිසා අධිකරණයක් ලෙසත් ක්‍රියාත්මක වන අතර, මේ වන විට නඩු 8,385ක් විභාග වෙමින් පවතී. එම අධිකරණයේ ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම හේතුවෙන් පොදු මහජනතාව, නීතිඥ ප්‍රජාව හා අධිකරණ කාර්යමණ්ඩලය දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත. එබැවින්, අවශ්‍ය පහසුකම් සහිතව නව අධිකරණ සංකීර්ණයක් ඉදිකිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. ඒ සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන පැල්මඩුල්ලවත්ත නැමති ඉඩමෙන් අක්කර 03ක පමණ කොටසක් වෙන් කරවා ගැනීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, එකී ඉඩම් කොටස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙත පවරා ගැනීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.