• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වනාන්තර සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය
- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වනාන්තර තුළ දීර්ඝ කාලයක් තිස්සේ පදිංචිව සිටින හෝ කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටින ජනතාවගේ ගැටලු වසර ගණනාවක සිට සාකච්ඡා කරන නමුත්, ඒ සඳහා මේ වන තෙක් ස්ථිර විසඳුම් ලබා දී නොමැත. එකී ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමේ අරමුණින් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නියමිත දින වකවානු සහිතව වැඩසටහනක් සකස් කර තිබේ. අදාළ ගැටලු ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම පාහේ පොදුවේ බලපාන අතර මූලික අදියර ලෙස වනාන්තර බහුලව පවතින සහ යුධමය වතාවරණය පැවති දිස්ත්‍රික්කවල එනම්, යාපනය, වවුනියාව, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමිය ඉදිරිපත් කළ එකී වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.