• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ සෞදි අරාබි රාජධානිය අතර ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීමට සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා වන සම්මුතිය
- ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා වන සම්මුතියට නිලධාරි මට්ටමින් එකඟ වී ඇත. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 75(3) වගන්තිය යටතේ එකී සම්මුතිය නිසි පරිදි සම්පූර්ණ වී ඇති බව නීතිපතිතුමා විසින් තහවුරු කර ඇති අතර අදාළ සම්මුතියට අත්සන් තැබීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, එකී සම්මුතියට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 75(1) වගන්තියේ විධිවිධාන පරිදි එකී සම්මුතිය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.