• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලයේ කාර්යයන් පරිපාලනය කිරීම සහ ඉටු කිරීම පිණිස පාර්ලිමේන්තු පනතක් හඳුන්වා දීම
- සෑම පුරවැසියෙකුටම ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ දේශපාලන යන ක්ෂේත්‍රයන් තුළ සම අවස්ථා ඇති කිරීම, අනන්‍යතාව සුරක්ෂිත කිරීම, විවිධත්වය ගෞරවයට සහ ඇගයීමට පාත්‍ර කරනු ලබන සමාජයක් ඇති කිරීම සහ සියලුම ප්‍රජාවන්ට සමගියෙන් සහ සහයෝගිතාවයෙන් එක්ව ජීවත් විය හැකි සමාජයක් බිහි කිරීම අරමුණු කර ගෙන ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) ස්ථාපිත කරනු ලැබ ඇත. එම කාර්යාලය වෙත පැවරී ඇති බලතල පිළිබඳව සැලකීමේදී එහි මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම මෙන්ම පනතක් මඟින් එම කාර්යාලය ස්ථිර ආයතනයක් වශයෙන් ස්ථාපිත කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.