• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4,000 අයියූ, මිලිලීටර 0.4 සිරින්ජර් 800,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන එනොක්සපාරින් සෝඩියම් එන්නත් මාත්‍රා 800,000ක් මිල දී ගැනීම සඳහා ඉන්දියානු නිෂ්පාදකයින් සහ සැපයුම්කරුවන්ගෙන් සීමිත ජාත්‍යන්තර ලංසු කැදවා ඇති අතර ඒ සඳහා ලංසු 4ක් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත එකී ප්‍රසම්පාදනය M/s Brawn Laboratories Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.