• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනය කිරීම
- කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් ගමන් සංතරණ ගාස්තු අය කිරීම සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් සිදු කරන අතර එම ගාස්තු 1985 වර්ෂයෙන් පසු සංශෝධනය කර නොමැත. එබැවින්, කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා දැනට අය කරනු ලබන ගුවන් ගමන් සංතරණ ගාස්තු 2023 02 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.