• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීම
- නව සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති අතර, ඒ සඳහා නව සුදුසුකම් හා නිර්ණායක යොදා ගනිමින් ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ සමීක්ෂණය මේ වන විට ආරම්භ කර දිවයිනපුරා ක්‍රියාත්මක වේ. දැනට පවතින අති දුෂ්කර ආර්ථික වාතාවරණය හමුවේ අවදානමට ලක්විය හැකි පවුල්වලට මුහුණ පෑමට සිදු විය හැකි දුෂ්කරතාවයන් මග හරවා ගැනීම පිණිස 2023 වර්ෂයේ පළමු මාස හතර (04) තුළ මුදල් සහනයක් ලබා දීමට 2023 අයවැය මඟින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. දැනට ආරම්භ කරනු ලැබ ඇති සමීක්ෂණය අවසන් කර යෝජිත නව සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලබන තෙක්, සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු සමාජයේ අවදානමට ලක් විය හැකි පවුල් සඳහා 2023 අයවැය මඟින් යෝජිත මුදල් සහනය 2023 මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා තවත් මාස පහක (05) කාලයකින් දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදි‍රිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.